Tuesday, December 6, 2011

ශ‍්‍රීපාදස්ථානය භාරකාර හිමියන් රක්‍ෂිත බන්ධනාගාරයට




ශ්‍රීපාදස්ථානයේ භාරකාර දම්පහල ශීලානන්ද නාහිමියන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් කර ඇතැයි වාර්තා වේ.




නාහිමියන් විසින් රුපියල් විසිතුන් ලක්ෂයක් පමණ මුදලක් වැය කොට ශ්‍රීපාද පද්මය ආවරණය කිරීමට වීදුරු දාගැබක් ඉදිකිරීමකට සිදු කල බව පැවසෙන මුදල් වංචාවක් සම්බන්ධයන් මෙම රිමාන්ඞ්ගත කිරීම සිදු කර තිබේ.
ශ්‍රීපාදස්ථානාධිපති ධුරය සඳහා පසුගිය 25 වැනි දා පැවති ඡන්ද විමසීමට ශීලානන්ද හිමියන් ඉදිරිපත් වූ නමුත්  වැඩි ඡන්ද 38 ලබා ගත් බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් ඉදිරියේ පරාජය විය.




Source : lankacnews.com

ලංකාවේ සිදුවූ අවයව ජාවාරම පිලිබඳ කතාව බොරුවක්


ලංකාවේ සිදුවූ අවයව ජාවාරම 
පිලිබඳ කතාව බොරුවක්

පසුගියදා රටම කැළඹු පුවතක් වුයේ මහනුවර කාන්තාවක් පැහැරගෙන ගොස් ශරීර අවයව ගැනීමට උත්සාහ කල පුවතයි.

ලංකාවේ ශරීර අවයව ජාවාරම දුලභ සිදුවීමක් වන අතර මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකිරීමට මධ්‍යම දිසා ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ඒකකයට පවරනු ලැබිය.


ඇය පසුගිය මස පලවනදා මාධ්‍යය වෙත ප්‍රකාශ කල කතාව බලන්න පහතින්
http://www.youtube.com/watch?feature=player_embedded&v=egNlB4S5tv4

ඇත්ත කතාව 

නමුත් සැබවින්ම සිදුවී තිබුනේ වෙනත් සිදුවීමකි. පසුගිය ඔක්තෝබර් මස 17 වනදා ඇය අපචාරයේ 
යෙදීම චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වෛද්‍ය වාර්තා කැඳවන තුරු දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

එම සිදුවීම ප්‍රදේශවාසින් දැනගැනීම වැලක්වීමට ඇය අපුරු උපායක් යෙදුවාය.සිය පුතු සමගින් ශරීර අවයව ජාවාරම් පිලිබඳ කතාව ගෙතු කාන්ති දඹුල්ලේ එක්තරා ස්ථානයකින් කොණ්ඩය කපාගෙන පොලිසියට ගොස් ව්‍යාජ පැමිණිල්ලක් ගොනුකලේ තම අවයව ජාවාරම් කරන පුද්ගලයන් පිරිසක් පැහැරගත් බව කියමින්.

මෙම පුවත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මහනුවර රෝහලේ වෛද්‍ය මඩුල්ල සහ පොලිසිය දැඩි අපහසුතාවයට පත්වූ අතර ත්‍රස්තවිරෝධී ඒකකයේ ප්‍රශ්නකිරීම් හමුවේ ඇයට සත්‍යය හෙළිකිරීමට සිදුවිය



Source : gossip9.com


Read more: http://www.gossip9.com/2011/12/blog-post_5424.html#ixzz1fhJ0aUOe

Share this article with your friends