Monday, December 5, 2011

සුනඛයෙක් පැනීම නිසා අධිවේගයේ කාරයක් පෙරලෙයි


අධිවේගියේ ගමන් කල සුනඛයෙක් නිසා ඊයේ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් පෙරලි ගොස් තිබුනා.


කාන්තාවක් විසින් ධාවනය කල එම මෝටර් රථය පාලනය කිරීමට නොහැකිව පෙරලි ගොස් තිබුනේ එම සුනඛයා මගහැරීමට ගොසිනුයි.


අධිවේගියේ මාර්ගයට සුනඛයන් ඇතුළුවීම වැලක් වීමට විශේෂිත දැලක් යොදා ඇති අතර එයට අමතරව නිරීක්ෂණ රථයක් මගින් අධිවේගියේ ගැවසෙන සුනඛයන් ඉවත්කිරීම සිදුවෙනවා.

අනතුරට පත් රථයේ වීඩියෝව බලන්න පහතින් 




ඇමතිලා මන්ත්‍රීලා ක්‍රිකට් ගැසීමට සැරසෙති



පාර්ලිමේන්තු මැති ඇමතිවරු පක්ෂ බේදයකින් තොරව ර්ක්දින ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත.මේ නම්කොට ඇත්තේ "කතානායක ක්‍රිකට් කුසලාන" තරඟය යනුවෙනි.

මෙම ක්‍රිකට් තරඟයේ පිල් දෙක ලෙසින් ක්‍රීඩා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පාර්ලිමේන්තු අමාත්‍යවරු කණ්ඩායමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රබලයන් වූ මන්ත්‍රී සනත් ජයසුරිය සහ අර්ජුන රණතුංග ක්‍රීඩා කිරීමට නියමිතයි.


මෙම ක්‍රිකට් තරඟයේ ජය ලබාගැනීම සඳහා මැති ඇමතිවරුන් දැන් දවසේ බොහෝ කාලයක් යොදවන්නේ ටොරින්ටන් පිටියේ පුහුණුවීම් වලට.

මන්ත්‍රී කණ්ඩායමට ශක්තියක් වීමට සනත් හා අර්ජුන  ක්‍රීඩාකරනවා මෙන්ම අමාත්‍යවරුන්ගේ කණ්ඩායමට ශක්තියක් ලබාදෙමින් ජනාධිපතිතුමාද ක්‍රීඩා කිරීමට නියමිතයි.


මෙම කටයුත්ත සංවිධානය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරමුණ ගෙන කටයුතු කරන අතර මෙම මස 11 වනදා මෙම ක්‍රිකට් තරඟය පැවැත්වීමට නියමිතයි.මෙම ක්‍රිකට් තරඟය සජීවීව CSN නාලිකාව ඔස්සේ නැරඹිය හැක.මෙම තරඟය ඉදිරියේදී වාර්ෂිකව පැවැත්වීමට නියමිතයි.


Source : gossip9.com

Read more: http://www.gossip9.com/2011/12/blog-post_05.html#ixzz1fclqhqvc

දුමින්ද සිල්වාගේ වෙඩි වැදුන මොළය

පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ තුනක් ඇතුලත් වූ අතර බරපතල තත්වයෙන් රෝහල් ගත කරනලදී.

මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට වෙඩි තැබුවේ කව්රුන් විසින්දැයි යන්න උසාවියේ විභාග වන අතර පහතින් දැක්වෙන්නේ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් වෙඩි වැදුණු දුමින්ද සිල්වාගේ හිසෙහි ජායාරුප හා වෛද්‍ය වාර්තා ඉදිරිපත්කර තිබුණු අයුරුයි.





Source : gossip9.com
Read more: http://www.gossip9.com/2011/12/blog-post_9118.html#ixzz1fcl4x9NF

මමත් චන්දෙට ඉල්ලනවා - උපාලි ධර්ම්දාස මහතා පවසයි





ජනවාරි මස 03 වන දින පවත්වන්නට නියමිත ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයේ සභාපතිධූරය සඳහා තමන් තරග කරන බව ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි. 


මීට පෙරාතුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයට ඉදිරිපත්වන බව පවසා තිබුණු අතර උපාලි ධර්මදාස මහතාගේ නමද ඒ සඳහා විටෙන් විට ඈදී තිබුණද තමන් තරගයට ඉදිරිපත්වන බව නිල වශයෙන් තහවුරු කරන ලද්දේ අදයි. 

එල්ලවී තිබුණු දූෂණ හා අක්‍රමිකතා චෝදනා මෙන්ම කළමනාකාරිත්වයේ දුර්වලතාවන් නිසා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුව විසුරුවා හරින ලද්දේ පසුගිය නොවැම්බර් මස 14 දාය. 


Source : adaderana.lk

වෙහෙරගල ජලාශයේ වාන් දොරටු ඇරෙයි-මැණික් ගඟට යන්නේ බලාගෙනයි





පවතින අධික වර්ෂාවත් සමඟ වෙහෙරගල ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු විවෘත කර තිබේ. 


මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ ජලාශයේ වාන් දොරටු 6ම මේ වන විට විවෘත කර ඇති බවයි. 

එක් වාන් දොරටුවක් අඟල් 9 බැගින් විවෘත කර ඇති අතර ඉන් පි‍ටවෙන ජලය මැණික් ගඟට මුදා හැර තිබේ. 

මේ හේතුවෙන් මැණික් ග‍ඟේ ජලය පරිහරණය කිරීමේ දී සුපරික්ෂාකාරී වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.




Source : adaderana.lk

සුළු වේලාවකින් රී- චාර්ජ් කළ හැකි බැටරියක්


ජංගම දුරකථන සහ ලැප්ටොප් සඳහා භාවිත කරනු ලබන බැටරි කෙටි කාලයකින් රී- චාර්ජ් කළ හැකි තාක්ෂණයක් අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් විසින් හඳුනා ගනු ලැබ තිබේ.
ඔවුන් පවසන්නේ, නව බැටරිය වසර 5ක පමණ කාලයකින් වෙළඳපොළට හඳුන්වා දිය හැකි බවයි.


නව තාක්ෂණය උපයෝගී කර ගිනිමින් නිපදවනු ලබන ජංගම දුරකථන බැටරියක් විනාඩි 15ක් රී - චාර්ජ් කිරීමෙන් සතියක ආරෝපන කාලයක් ලබාගත හැකි වනු ඇති.

එය නිර්මාණය කළ විද්‍යාඥයින් පවසන්නේ, මෙය දැනට භාවිතයේ පවතින ලිතියම් - අයන් බැටරියකට වඩා පස්ගුණයක ඵලදායිත්වයකින් යුතු බවයි.

Share this article with your friends