Thursday, March 22, 2012

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව

ප්‍රධාන නිරීක්‍ෂණ හා නිර්දේශයන්හි සාරාංශය

 

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආරම්භ කරන ලද IV වැනි ඊළාම් යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක හමුදාව විසින් ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව විසින් නගනු ලැබූ විවිධ චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කරනු ලැබූ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එහි සභාපති හිටපු නීතිපති වරයකු වන සී. ආර්. ද සිල්වා මහතා විසින් 2011 නොවැම්බර් මස 20 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාරදෙනු ලැබීය.

2002 පෙබරවාරි මස 22 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එවකට පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කළ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූදා සිට 2009 මැයි 19 වැනි දින එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ප්‍රධාන සාමාජිකයන් ඝාතනයට ලක්‌ වෙමින් කොටි ත්‍රස්‌තවාදී ගැටුම් අවසන් වූ දිනය දක්‌වා උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහ දකුණේ සිදුවූ සිද්ධීන් සම්බන්ධව මෙම කොමිසම මගින් විමර්ශනය කරන ලදී.

Share this article with your friends