Friday, December 9, 2011

ගුරුන්ගේ කැටේ සල්ලි ටිකටත් කෙලී


Click on the picture for full view






Source : lankaenews.com

Mervin's Ring from Burma

u¾úkaf.a fikiqre wm,hg
nqreufhka f.kd uqoao


fjk;a ojiaj,g udOHfha ;ek ;ek nd,aÈ fmr<k 
weu;s u¾úka is,ajdf.a wdrxÑ j,
wvqjla ke;’
kuq;a u¾úka is,ajd ld,hl isg ksy~h’
fikiqre udrej we;s lr ;sfnk fï fjki Tyq ryila jYfhka ;nd .;af;ah’
ta .ek Tyq ldgj;a lshd ;snqfka ke;’
kuq;a miq.sh i;sfha mej;s W;aijhl§ Tyqf.a lákau ta ryi msg úh’



miq.sh i;sfha frÈ idmamqjla újD; lsÍfï W;aijhlg u¾úka iyNd.S jQfhah’thg neis,a rdcmlaI iSî r;akdhl iqo¾YkS m%kdkaÿmq,af,a bka§h uyflduidßia we;=¿ ue;sweu;sjreka yd m%N+ka /ila iyNd.S úh’
W;aijhg mudù meñKs u¾úkag bka§h uyflduidßia jrhd lsõfõ
Zfudlo wdrxÑhlaj;a kE’’’’weu;s;=ud ±ka yß ksy~hsfka’’’Zf,isks’
thg W;a;r ÿkafka u¾úka fkdj weu;s neis,ah’
zu¾úka ±ka yß ìiS ufh ysf;a’’’Z Tyq lsõfõh’
zke;a;x ke;a;x’’’’’ fu;=ud ksy~ nj fyd|g ±fkkjd u¾úka lshkafka ksjqia *elagßhlafk’’’Z 
uyflduidßiajrhd lSfõh’
thg ms<s;=re ÿka u¾úka
zksjqia *dlagßhla fkfuhs uyflduidßia;=ud ux ksjqia lkafÜkrhla’’’ta;a fudkj lrkako ldf, wm,hsfka’’’ux fïlg m%;sl¾uhla úÈhghs fï uqoao f.kajd .;af;a’’^u¾úka uqoao msßig fmkajhs& fïfl w,a,, ;sfhkafka fikiqre wmf,g yßhk ják .,a j.hla’’’ux fïl f.kak .;af; nqrefuka’’’Z
lshd isáfhah’
fï wjia:dfõ§ zwe;a;o’’wd’’’hsZ lshñka msßi mqÿufhka fuh mÍlaId lr neÆ nj jd¾;dfjkjd’






Source : gossiplankanews.com

රැය පහන්වනතුරු දියණිය දූෂණය කළ පියෙක්



මහින්ද අබේසුන්දරගේ අලුත්ම ක්‍රිකට් විග්‍රහය

ජේෂ්ඨ ක්‍රීඩකයන් ලකුණු 50 සීමාව පසුකර හිතා මතාම දැවී යනවා 

දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා මේ දිනවල සිය මාධ්‍ය ජිවිතයේ පනස්වන කඩඉම සම්පුර්ණකොට ඇත.

මහින්ද අබේසුන්දර වඩාත් ජනප්‍රිය වුයේ ස්වාධින රුපවාහිනියේ ප්‍රධාන පුවත් විකාශයෙන් පසුව විකාශය වූ විමසුම වැඩසටහන මගිනි. 

ඒ මයිකල් ජැක්සන් හා ජෝතිපාල සංසන්දනය කිරීමත් පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී අපේ ක්‍රීඩකයන් තරඟ පාවා දුන් බව කියූ නිසාත් වේ.

ටික කලක් ක්‍රිකට් පිලිබඳ කිසිදු විචාරයක් නොකරන මෑතකදී පකිස්තානු පිල හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරාජය වීම ගැන අලුත් අදහසක් ඉදිරිපත්කොට තිබේ.





එහිදී වැඩසටහන ආරම්භයේදීම ප්‍රකාශ වන්නේ පසුගිය වර ක්‍රිකට් සම්බන්ධව කතා කිරීමට ගොස් එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් දිගින් දිගටම තමාට බාල්දි පෙරළු බවයි.(නමුත් ඒ මාධ්‍යය ආයතනයටම ගොස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ඉල්ලු බව මහින්ද අබේසුන්දරට අමතක වී තිබිණි.) 

ඉන්පසුව ඔහු අභීතව ප්‍රකාශ කරන්නේ "අපි කියූ දෙයක් මෙතෙක් වැරදි නොමැත" යනුවෙනි.
එහිදී ජේෂ්ඨ ක්‍රීඩකයන් පිලිබඳ මහින්ද අබේසුන්දර දරන මතය ඔහු විමසුමේ දැක්වුවේ පහත පරිදිය 


"ඊළඟ සිරිස් එකේ ටීම් එකේ ප්ලේස් එකක් බුක් කරගන්න 50 ක් 60 ක් ගසා හිතා මතාම අවුට් වීම අන්තිම සවුත්තුය.තේරීම් කමිටුව කල යුත්තේ කණ්ඩායමට අලුතින් පොඩිවුන් ඇතුලත් කිරීමය"


මහින්ද අබේසුන්දරගේ සම්පුර විමසුම වැඩසටහන පහතින් බලන්න >


http://www.youtube.com/watch?feature=player_embedded&v=wu5hJ58CEqA



ඒ සඳහා සිරස නිව්ස් ෆස්ට් තිත්ත ඇත්ත ලබා දුන් පිළිතුර >


http://www.youtube.com/watch?feature=player_embedded&v=J4iEpYxJVq0




Source : gossip9.com
Read more: http://www.gossip9.com/2011/12/blog-post_5915.html#ixzz1g3f6jXYv

ටෙලි නාට්‍යවලට යද්දි සමහර දේවල් කැප කරන්න සිද්ධ වුණා - රුවන්ගනී

අවුරුදු කුමරියක ලෙසින් ක්‍ෂේත‍්‍රයට පිවිස නිරූපණ ශිල්පිනියක, රංගන ශිල්පිනි යක සහ නිවේදිකාවක ලෙස ක්‍ෂේත‍්‍ර ගණනක සිය දක්‍ෂතා ප‍්‍රකට කරන ශිල්පිනි යක ලෙස රුවන්ගනී රත්නායක හැඳින්විය හැකිය. සෑම  සෙනසුරාදා වකම රාත‍්‍රී 8.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන ‘අහසින් වැටුණා’ ටෙලි නාට්‍යය හරහා ඔබට සමීප වන රුවන්ගනී ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන ‘හැඩකාර සඳුදා’ සහ ‘වෙඩින්’ වැඩසටහන් ද ඉදිරිපත් කරනු ලබනවා.


‘අහසින් වැටුණා’ අත්දැකීම ගැන මුලින්ම කතා කළොත්?

‘අහසින් වැටුණා’ කියන්නෙ මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරපු නිර්මාණයක්. මගේ ගමනට ලොකු පිටුවහලක් මේ නිර්මාණය හරහා ලැබුණා කීවොත් නිවැරදියි.

‘අහසින් වැටුණා’ හි ඔබට රඟපාන්න ලැබෙන්නේ ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල පිරිස් සමගයි. මෙවැනි පිරිසක් සමග ක්‍ෂේත‍්‍රයට ආධුනික ඔබ රඟපාන විට අනාගැනීම් බහුල වුණාද?


ඇත්තටම මම ඔය ටෙලි නාට්‍යයට ගියේ බයෙන්. ස්වර්ණවාහිනියෙන් මට මේ ටෙලි නාට්‍යයට යන්න කිව්වම මට හිතාගන්න බැරි වුණා. විශේෂයෙන් ආනන්ද අබේනායක වැනි ජ්‍යෙෂ්ඨයෙකු යටතේ වැඩ කරනවා කියන කාරණය තුළත් මට තිගැස්මක් තිබුණා. ‘අහසින් වැටුණා’ ටෙලි නාට්‍යයේ රඟපාන අය අතරින් රොෂාන් පිලපිටිය අයියා එක්ක විතරයි මම කලිින් වැඩ කරලා තිබුණේ. රූගත කරන විට මෙහි සිටින ජ්‍යෙෂ්ඨයන්ට සිදුවීම් කියා දෙන්න අවශ්‍ය නෑ, අදාළ සිදුවීම ඔවුන් මවනවා. නමුත් මට ඒ සියල්ල කරන අයුරු කියාදෙන්න ආනන්ද අබේනායක මහතාටත්, රොෂාන් රවින්ද්‍ර අයියාටත්, තිර රචනා කළ නාමල් ජයසිංහ ආදීන්ට සිදුවුණා. මේ ටෙලි නාට්‍යයේ දෙබස් කියවිය යුතු ආකාරය පවා නාමල් අයියා මට කියා දුන්නා. ඇත්තටම මේ ටෙලි නාට්‍ය රංගනයට බොහෝ පුහුණුවීම් කිරීමට සිදුවුණා. ඇත්තටම ඒක ලොකු අත්දැකීමක් .

නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කළ ඔබට රංගනයට පිවිසෙන්න අවශ්‍ය වුණේ ඇයි?
මම බොහෝ කලක සිට මනාලියන්දැක්ම වැඩසටහන් සඳහා සම්බන්ධ වී සිටියා. මේ අතරතුර තමයි 2010 රූපවාහිනී අවුරුදු කුමරි තරගයේ දෙවැනි ස්ථානය හිමිවුණේ. ඒ හරහා මට රංගනයට යොමු වීමට අවස්ථාව හිමිවුණා. මම මුලින්ම රඟපෑවේ නලින් මාපිටියගේ ‘බිනරි’ ටෙලි නාට්‍යයෙයි. ඉන්පසුව මංජුල සිංහපෘථීවිගේ නත්තල් ඒකාංගික ටෙලි නාට්‍යයක රඟපෑවා. එසේම 2010 වසරේ නේචර් සීක‍්‍රට් ඡවිකල්‍යාණි තරගයේ තුන්වැනි ස්ථානය දිනාගන්න මට හැකිවුණා. ඉන්පසුව ස්වර්ණවාහිනියේ ‘මිණිපුර හටන’ සඳහා මට ආරාධනා කළා. අනතුරුව තමයි ‘අහසින් වැටුණා’ හි ප‍්‍රධාන චරිතයක් රඟපාන්න ලැබුණේ.

සාමාන්‍යයෙන් නිරූපණ ක්‍ෂේත‍්‍රයට පිවිසෙන තරුණියන්ට අත්විඳින්නට සිදුවන අත්දැකීම් එතරම් සුන්දර නොවන බවයි පැවසෙන්නේ. මේ සම්බන්ධව ඔබේ අත්දැකීම් කෙබඳුද?

සුන්දර නැති අවස්ථාත් තිබුණා.  ඕනම කෙනෙක් අලූත් දෙයක් කරන්න හදන විට එය අසුන්දරයි. තමන් විසින් තමයි තමන් කරන දේ සුන්දර කරගන්න  ඕන. මටත් ගොඩක් අසුන්දර දේවල් වලට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් මම ඒවාට නිසි අයුරින් මුහුණ දුන්නා.

මොනවද ඔබට ඔය මුහුණදීමට සිදුවූ අසුන්දර අත්දැකීම්?

පැජන්ඞ්වලදී බොහෝ අසාධාරණ තීරණවලට ලක්වෙන්නට සිදුවුණා. නියම තැන නොලැබුණු අවස්ථා තිබුණා. නමුත් මම ඒවා එතරම් ගණන් ගත්තෙ නෑ. ටෙලි නාට්‍යවලට යද්දි නම් සමහර දේවල් කැප කරන්න සිද්ධ වුණා. ටෙලි නාට්‍ය දෙකකට කතා කරලා තිබෙන විට ක්‍ෂේත‍්‍රයට අලූත් නිසා නිසියාකාර තෝරාගැනීමක් කරගන්න බැරිවූ අවස්ථා තිබුණා. මේ නිසා එක අධ්‍යක්‍ෂකවරයෙක් මාත් එක්ක අමනාපත් වුණා.

මේ දවස්වල නිරත වෙලා සිටින නිර්මාණ කටයුතු මොනවද?

සෙන් තිලකවර්ධනගේ ‘නාමල් අරණ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක නාමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව ජාතික නාමල් උයන පිළිබඳ කියවෙන ටෙලි නාට්‍යයක්. එහි ප‍්‍රධාන චරිතය තමයි මම රඟපාන්නේ. ඉදිරියේදී ටෙලි නාට්‍ය තෝරා ගන්නාවිට හොඳ ටෙලි නාට්‍ය සේම ප‍්‍රධාන චරිත පමණක් රඟපාන්නත් මම හිතාගෙන ඉන්නවා.ඒ සමගම මට සිනමාවට සම්බන්ධ වීමට අවස්ථාවක් උදාවුණා. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්‍ෂණය කරන සුනිල් ටී ප‍්‍රනාන්දු නිෂ්පාදනය කරන ‘ජීවිතේ ලස්සනයි’ හි රූගත කිරීම්වලට මේ වන විට සම්බන්ධ වෙලා ඉන්නවා. රංජන් අයියා සහ මම තමයි එහි ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නෙ.

රන්ජන් රාමනායක වැනි ප‍්‍රවීණයෙක් එක්ක වැඩ කරන එක මොනවගේ අත්දැකීමක් ද?

හරිම විනෝදෙන් තමයි ඔහු කාලය ගත කරන්නේ. අපට චරිතයක් ගොඩනගා ගන්න  ඕන උපදෙස් නිතරම ලබා දෙනවා. අපි වෙන කල්පනාවක ඉන්නවා දැක්කොත් විහිළුවක් හරි කරලා යළි අපිව ඒ චරිතයට යොමු කරවා ගන්න ඔහු කටයුතු කරනවා.

මේ ක්‍ෂේත‍්‍රයට අලූතින් පිවිසෙන බොහෝ අය ටෙලි නාට්‍යයකින් දෙකකින් ජනප‍්‍රිය වූ පමණින් හිස උදුම්මවා ගන්නා ස්වභාවයක් දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය ඔබ සම්බන්ධයෙන් අදාළ වේවිද?

නැහැ.මම මේ ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 1 1/2 ක් වනවා. ඒ කාලය තුළ දී ටෙලි නාට්‍ය 5 ක විතර වැඩ කළා. ඒ එක්කම නිරූපණ ක්‍ෂේත‍්‍රයෙත් ජනප‍්‍රියත්වය ලබා තිබෙනවා. මේ සියල්ලත් සමග මගේ නම් කිසිම ලොකුකමක් නැහැ. මාත් එක්ක වැඩ කරන අය එය හොඳින් දන්නවා. මම හැමෝම සමග හිතවත්. අලූතින් ක්‍ෂේත‍්‍රයට ආවම හිස උදුම්මා ගත් අය ගැන මමත් අහල තියෙනවා. එහෙම අය දැකලත් තියෙනවා. හැබැයි මම නම් එහෙම නැහැ.

ඔබ රංගනයේ යෙදෙන්නේ වෘත්තීමය වශයෙන් ද?

මම කාලයක් රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ නියැළිලා හිටියා. නමුත් රංගන කටයුතු සමග තාවකාලිකව ඉන් ඉවත් වෙන්න සිදුවුණා. ඉදිරියේදී යළිත් රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රය වෙත යොමුවෙන්න හිතාගෙන සිටිනවා. කෙසේ වුවත් මම මුල්තැන දෙන්නේ රංගනයටයි.

දුර බැහැරක සිට කොළඹට පැමිණි ඔබට මෙම ක්‍ෂේත‍්‍රය තුළ හිමි වූ ඉඩ ප‍්‍රස්තාව හා හිමිවන පිළිගැනීම ගැන මොකද හිතෙන්නෙ?

මට නම් ගොඩක් අවස්ථා ලැබුණා. උදාහරණයක් ලෙස මට ස්වර්ණවාහිනිය මුලින්ම ආරාධනා කළේ වැටසටහනක් ඉදිරිපත් කරන්න. එමගින් රංගනයටත් අවස්ථාවක් ලබා දුන්නා. ජාතික රූපවාහිනියේ ‘අවුරුදු කුමරිය’ තරගයට ගොස් රංගනයට යොමු වී වැඩසටහන් ඉදිරිපත් කිරීම දක්වා යන්න පුළුවන් වුණා. ඒ අනුව මම කුරුණෑගල සිට කොළඹට ඇවිත් කරපු හැමදෙයක්ම හරි ගියා. ඒ ගැන මට ලොකු සතුටක් තිබෙනවා.

රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන අත්දැකීමක්, හැදෑරීමක් නොමැති ඔබ නිවේදිකාවක් බවට පත් කළ අත්දැකීම කෙබඳුද?

මට මුලින්ම ඉදිරිපත් කරන්න ලැබුණේ ස්වර්ණවාහිනියේ Good Afternoon කියලා පැය 2 1/2 ක සජීවී වැඩසටහනක්. එහි හැඩකාර සඳුදා දවස තමයි මම කළ වැඩසටහන් මට සජීවි වැඩසටහනක් පැය 2 1/2 කරන්න කිව්වම මුලදී බය හිතුණා. නමුත් කවුරුත් මාව අධෛර්යයමත් කළේ නැහැ. සති දෙකක් පමණ යන විට ඒ බය ඉබේම පහව ගොස් මම ඒ කටයුත්තට හුරුවුණා. දැන් මම ‘වෙඩින්’ නමින් තවත් වැඩසටහනක් කරනවා. එය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී 7.00 ට තමයි විකාශය වෙන්නේ.

මේ සියලූ කටයුතුවල අවසන් ඉලක්කය වන්නේ කුමකද?
හැම දෙයින්ම පරිපූර්ණ වූ කාන්තාවක් වීමයි.




Source : hotandfastnews.com

කන්තලේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කඩා මුදල් පැහැරගෙන (පින්තුර)

ඊයේ(08) රාත්‍රී 08 ත් අද(09) පෙරවරු 08 ත් අතර කාලය තුළ කිසියම් පිරිසක් විසින් කන්තලේ ප්‍රදේශයේ බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කඩා මුදල් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි. ටෙලර් යන්ත්‍රයක පෙරදින රාත්‍රියේ කඩා අඩුගණනේ රුපියල ලක්ෂ පනහක් පමණ සොරාගන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.






පින්තුර >>












පෙම්වතියගේ පවුලම මරා පෙම්වතාත් දිවි නසා ගනී

ප්‍රේම සම්බන්ධතාවක්‌ මුල්කරගෙන ඇතිවූ ආරවුලක්‌ මත තණමල්විල හම්බෙගමුව කොටවෙහෙරමංකඩ ප්‍රදේශයේ එකම පවුලේ මව, පියා, දියණිය වෙඩි තබා කෲර අන්දමින් ඝාතනය කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකායෙන් පලා ආ කොස්‌තාපල්වරයකු එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇත.






මෙම ශෝකජනක සිද්ධිය වී ඇත්තේ පෙරේදා (7 වැනිදා) රාත්‍රී 8.30 ට පමණය. මෙහිදී වෙඩි ප්‍රහාරයට ලක්‌වූ 19 හැවිරිදි තරුණියක්‌ද බරපතල තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබේ. මෙහිදී සිය දිවි හානිකරගත් හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයා අතින් ඝාතනයට ලක්‌ව ඇත්තේ ඔහුගේම කිට්‌ටුවන්ත ඥතීන් පිරිසකි. මෙම සිද්ධිය නිසා හම්බෙගමුව කොටවෙහෙර මංකඩ ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිති.





මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ පනස්‌හතර හැවිරිදි එස්‌. ඒ. ලීලාරත්න (පියා), හතලිස්‌පස්‌ හැවිරිදි එස්‌. කේ. මාලනී (මව) සහ විසිහතර හැවිරිදි එරන්දි උදේශිකා (සොහොයුරිය) නමැති තරුණියයි. මෙම ත්‍රිත්ව ඝාතනය සිදුකර සියදිවි හානිකරගෙන ඇත්තේ විසිදෙහැවිරිදි එන්. ධනුෂ්ක රුවන් නමැති පොලිස්‌ විශේෂ කාර්ය බළකායෙන් පලා ආ කොස්‌තාපල්වරයෙකි. බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ලීලාරත්න මහතාගේ බාල දියණිය වන දහනව හැවිරිදි හර්ෂනී නිරෝෂා තරුණියයි.


හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයා ලීලාරත්න මහතාගේ නිවසට කඩාවැදී ඇත්තේ රාත්‍රී 8.30 ට පමණය. පසුව ලීලාරත්න මහතාටත්, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාටත් වෙඩි තබා ඝාතනය කර නිවසේ සාලය මැද සිරුරු සියල්ල ගොඩගසා පලා ගොස්‌ තිබේ. පසුව ඔහුද සිය සොහොයුරාගේ නිවසට ගොස්‌ එහි පිටුපස ළිඳ අසලදී පපුවට වෙඩි තබා ගෙන සිය දිවි හානිකර ගෙන ඇත.

මෙම අපරාධයට හේතුවී ඇත්තේ ධනුෂ්ක රුවන් නමැති හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයා සහ හර්ෂනී නිරෝෂා නමැති තුවාල ලබා දිවි ගලවා ගත් තරුණිය අතර පැවැති ප්‍රේම සම්බන්ධතාව ක්‌ බව පොලිසිය පවසයි. නෑකමට හර්ෂනී නිරෝෂාගේ මාමා වන ධනුෂ්ක රුවන් පදිංචිව සිට ඇත්තේ මෙම ත්‍රිත්ව ඝාතනය සිදු වූ නිවසට මීටර් 500 ක්‌ පමණ දුරින්ය. ධනුෂ්ක වසරකට අධික කාලයක්‌ තිස්‌සේ නිරෝෂා සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගැනීමට දැඩි උත්සාහයක්‌ ගත්තේය. ඒ සම්බන්ධතාවට නිරෝෂා මුලින් අකමැතිවී ඇතත් ධනුෂ්කගේ දැඩි ඉල්ලීම නිසා අවසානයේ කැමැත්ත පළ කර ඇත.

එහෙත් නිරෝෂාගේ පවුලේ සාමාජිකයන් මේ සම්බන්ධතාවට දැඩි විරෝධය පළකර තිබේ. මෙම සම්බන්ධය මුල්කරගෙන දෙපාර්ශ්වය අතර නිතර නිතරම ආරවුල් හටගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම සිද්ධිය වූ පෙරේදා (7 වැනිදා) දහවල් පෙම්වතියගේ පියා වන ලීලාරත්න මහතා ධනුෂ්කගේ නිවසට ගොස්‌ ඔහුගේ මවුපියන් මුණගැසී මෙම සම්බන්ධතාව වහාම නතර කිරීමට පුත්‍රයාට අවවාද කරන ලෙස පවසා ඇත.

එදින රාත්‍රී 7.00 ට පමණ ධනුෂ්ක සිය පෙම්වතිය වූ නිරෝෂාගේ නිවසට පැමිණ තිබේ. එහිදී ධනුෂ්ක සහ ලීලාරත්න අතර උණුසුම් වචන හුවමාරුවක්‌ද ඇති විය. ලීලාරත්න බැණ වැදී ධනුෂ්ක නිවසින් පන්නා ගෙන ඇත. පසුව රාත්‍රී 8.30 ට පමණ ධනුෂ්ක නැවතත් මෙම නිවසට පැමිණ ඉදිරිපස දොරට තට්‌ටුකර තිබේ. එහෙත් නිවැසියන් දොර විවෘත කර නැත. එහිදී ධනුෂ්ක තමන් අත තිබූ ස්‌වයංක්‍රීය ගිනි අවියෙන් දොරට පිට පිට වෙඩි ප්‍රහාර එල්ලකර ඇත. වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසු කෝපයට පත්වූ ලීලාරත්න ධනුෂ්කට බැණ වදිමින් ඉදිරිපස දොර විවෘත කළේය.

ඒ සමගම ධනුෂ්ක ලීලාරත්නට වෙඩි ප්‍රහාර එල්ලකර ඇත. වෙඩි වැදුණු ලීලාරත්න නිවසේ සාලය මත ඇද වැටී තිබේ. නිවසේ සිටි පෙම්වතියගේ වැඩිමහල් සොහොයුරිය වන උදේශිකා මේ පිළිබඳව පොලිසියට දැනුම් දීමට සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කිරීමට සූදානම්වනවාත් සමගම ධනුෂ්ක ඇයටද වෙඩි තබා ඇත. සිය සැමියා සහ දියණිය වෙඩි ප්‍රහාරයට ලක්‌ව වැටී සිටිනු දුටු පෙම්වතියේ මව වන මාලනී විලාප නඟමින් සාලයට දිව ආ අතර ධනුෂ්ක ඇයටද වෙඩි තබා තිබේ. පසුව එහි දිව ආ සිය ප්‍රේමවන්තිය වූ නිරෝෂාගේ ඉණෙන් පහළ කොටසට වෙඩි තැබූ ධනුෂ්ක අඳුරේම පලාගොස්‌ ඇත.







ඝාතනයට ලක්‌වූ ලීලාරත්න සහ මාලනී (පියා මව)
ඝාතනයට ලක්‌වූ එරන්දි උදේශිකා (සොහොයුරිය)










මෙම සිද්ධිය වූ ස්‌ථානයට නුදුරින් පිහිටි සොහොයුරකුගේ නිවසට දිව ගිය ධනුෂ්ක පිටුපස ළිඳ අසලට ගොස්‌ පපුව ප්‍රදේශයට වෙඩි තබා ගෙන තිබේ. වෙඩි ප්‍රහාරයෙන් ධනුෂ්ක එම ස්‌ථාන යේම මිය ගියේය. ඝාතන සඳහා යොදාගත් ස්‌වයංක්‍රීය ගිනි අවියද අසල තිබූ ළිඳට වැටී ඇත. මෙම වෙඩි තැබීම වන අවස්‌ථාවේ ලීලාරත්න මහතාගේ ඥති පුත්‍රයකු වන 10 හැවිරිදි දරුවකු නිවසේ සිටි අතර ඔහු වෙනත් කාමරයක සැඟවී දිවි ගලවා ගෙන ඇති බව පොලිසිය පවසයි.








ඝාතනය සිදුවන අවස්‌ථාවේ දිවි ගලවා ගත් ඥති දරුවකු වූ හෂාන් මධුසංඛ (10)








සිද්ධිය සැලවූ පසු එහි පැමිණි ප්‍රදේශවාසීන් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් සිටි නිරෝෂා බලංගොඩ රෝහලට රැගෙන ගොස්‌ තිබේ. පසුව ඇය රත්නපුර රෝහල වෙත මාරු කර යවා ඇත. මෙම කෲර ඝාතනය සිදු කළ ධනුෂ්ක නමැත්තා පොලිස්‌ විශේෂ කාර්ය බළකායෙන් පළා ආපසු කිසිදු රැකියාවක නිරත නොවී සෙල්ලක්‌කාර ජීවිතයක්‌ ගතකර තිබේ. ලීලාරත්න මහතා වැල්ලවාය විවිධ සේවා සමූපකාරයට අනුයුක්‌තව කොටවෙහෙරමංකඩ කාර්යාලයේ සේවය කරමින් සිටියේය. ඝාතනයට ලක්‌වූ එරන්දි උදේශිකා බාහිර උපාධියක්‌ හදාරමින් සිටි තරුණියකි.


තුවාල ලබා රත්නපුර රෝහලේ සිටින නිරෝෂා කොටවෙහෙර මංකඩ විද්‍යාලයේ අපොස උසස්‌ පෙළ හදාරමින් සිටියාය. ඝාතනයට ලක්‌වූ අයගේ මරණ පරීක්‍ෂණ ඊයේ (8 දා) දහවල් පැවැත්වීමට නියමිතව තිබිණි. සිද්ධිය සැලවීමත් සමඟම එම ස්‌ථානයට ගිය හම්බෙගමුව පොලිසියේ නිලධාරීන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.








Source: hotandfastnews.com

ප්‍රේක්ෂකයන් බැනවැදීම හේතුවෙන් හිරු එෆ්.එම් ෆෑන් පේජ් තාවකාලිකව වසා දමයි

අරාෂ් විසින් පවත්වන්නට නියමිත සංගීත ප්‍රසංගය සඳහා නොමිලේ ප්‍රවේශ පත් ලබාදීමට හිරු එෆ්.එම් විසින් ඔනල්යින් ක්‍රීඩාවක් සුදානම්කොට තිබු අතර එය ජයග්‍රහණය කල අයට රුපියල් දෙදාහක් වටිනා ටිකට් පත් නොමිලේ ලබා දෙන බවට පොරොන්දුවී තිබුණි.සන් එෆ්.එම් නියමිත පරිදි 2000 ටිකට්පත් ලබාදුන්නත් හිරු එෆ්.එම් වෙතින් ඔවුන්ගේ රසිකයන් මුලා කොට රුපියල් 1000 ටිකට්පත් ලබා දී ඇත.එහිදී ප්‍රවේශපත්‍ර එකතු කර ගැනීමට ගිය පිරිස් එය දැනගැනීමත් සමග ඔවුන්ට බැනවැදී ඔවුන්ගේ ෆේස්බුක් ෆෑන් පේජ්හි  ඒ බව සඳහන් කිරීමත් සමග ඊයේ දිනයේ හවස (8) හිරු එෆ්.එම් ෆෑන් පේජ් තාවකාලිකව වසා දැමීමට සිදුවිය.

එලෙස අසාධාරණයට ලක්වූ පාඨකයෙක් අප වෙත එවූ ජායාරුප පහතින් බලන්න 












රජරට සරසවි සිසුන් 6 දෙනෙකුට පන්ති තහනමක්




රජරට සරසවි සිසුන් 6 දෙනෙකුට පන්ති තහනමක්


රජරට විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුන් 06 දෙනෙකුට සති 05 ක පන්ති තහනමක් පැනවූ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන මහතා පවසයි. 


රජරට විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු උප සභාපතිට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධව හා තවත් විනයවිරෝධී සිද්ධීන් කිහිපයක් සම්බන්ධව මෙම සිසුන් මෙසේ පන්ති තහනමට ලක්කළ බව උපකුලපතිවරයා සඳහන් කරයි. 

පසුගිය 03 වන දින පිහි ඇනුමකට ලක්ව තුවාල ලැබූ ශිෂ්‍ය සංගමයේ හිටපු උප සභාපති ලෙස කටයුතු කළ අදාළ ශිෂ්‍යයා රෝහල්ගත කර තිබිණි. 

ඒ අනුව අදාළ සිසුන් 06 දෙනාට ඊයේ(07) සිට ක්‍රියාත්මක වනපරිදි පන්ති තහනම පැනවූ බව මහාචාර්ය නන්දසේන මහතා ප්‍රකාශ කළේය. 




Source : adaderana.lk

Abortion to Legalise in Sri Lanka?

,xldfõ
.íidj kS;s.; lrkak hhs@




,xldfõ kS;sh wkqj .íidj ;ykïh’ ore l<,hla úkdY lsÍu Ôú;hla ke;slsÍula yeáhg ie,lSfuka furg kS;s Í;s mkjd ;sfnkjd’ l,,fha msysàu ksid ujf.a Ôú;hg wka;rdjla hhs ffjoHjreka ks¾foaYlrk úfYaI wjia:d j, yer .íidjka isÿlsÍu ,xldfõ frday,a j, isÿlsÍug wjiro ke;’ kuq;a úúO iudc m%Yak uq,a lrf.k orejka ,efnkakg isák uõjrekag .íidjka isÿ lrk nj wikakg ,efnkjd’ta i|yd f;dard.kafka;a m<mqreÿ ffjoHjreka fkdfjhs’ kS;s úfrdaë .íid uOHia:dk jegÆ wjia:djkao wmuKhs’





.íidj kS;s.; fkdùu ksid fydrfjÿkaf.ka th isÿ lrkakg f.dia urKhg m;ajk uõjreka idLHdjo ±ka ±ka iS>% f,i by< f.dia ;sfnkjd’
idOdrKj ie,lSfï§ .íidjka isÿlsÍug ldka;djkag wjYHjk wjia:d ;sfnkakg mq¿jk’tu wjYH;djkag kS;sfha jeg ne£u ±ka m%Yakhla’

,xldfõ .íidjka ms<sn| mj;sk kS;s ,sys,a lr fjkia lrkakg hk nj weu;s ;siai lr,sheoao uy;d Bfha md¾,sfïka;=fõ§ m%ldY l<d’ ia;%s ¥IK isÿùu ksid yg.kakd wkjYH ore Wm;a fukau .Ksld fiajfha ksr;jkakshkaf.a wkjYH ore Wm;a .íid lsÍug kS;sfha mj;sk ndOd bj;alrkakg rch i,ld n,d ;sfnk nj;a ,xldfõ .íid kS;s fjkia lrkakg fkdj ixfYdaOkhka isÿlrkakg hk njo Tyq mejiqjd’



Source : gossiplankanews.com

පබා යලි විපක්ෂයට ?


පසුගිය සතියේ සරසවිය පුවත්පතට උපේක්ෂාගේ මව විසින් ලබා දුන් සාකච්චාවකදී උපේක්ෂාගේ කේන්දරයේ රාජ යෝග තිබෙන බව පවසා තිබුනත් ඇයට මෙවර අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී  නියෝජ්‍ය ඇමතිකමක් වත් නොලැබෙන බව වාර්තා වේ.

උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා එක්සත් ජාතික පක්ෂෙන් තරඟකොට මංත්‍රීධුරයක් ලබාගෙන ආණ්ඩුවට එක්වුයේ 18 වන සංශෝධනයට සහය පළකරමිනි.ඒ පිටුපස ඇයගේ සැමියා මහේෂ් සිටි බව පසුව ඇය විසින් හෙළිකරන ලදී.


ඇයගේ විවාහය අසාර්ථක වීමත් සමග නැවත ඇය විපක්ෂය වෙත එක්වන බවට රාවයක් පැතිර ගියත් ඇය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.නමුත් මේවන විට ඇය සිටින්නේ තම පක්ෂය පිලිබඳ ස්ථාවර අදහසකින් නොවන බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හා නළුවෙකු වන පුද්ගලයෙකු විසින් මේ දිනවල නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඇයව යලි විපක්ෂයට එක් කරගැනීම සඳහායි.මේ සම්බන්ධයෙන් ඇය පවසා ඇත්තේ "බලමු..මම තව අවුරුද්දක් ආණ්ඩුව ගැන බලනවා." යනුවෙනි.

මෙම ප්‍රකාශය ඇයට බොහෝ සෙයින් අවාසි වී ඇත්තේ ආණ්ඩුවේ ඉහලට මේ පිළිබඳව දැනගැනීමත් සමග ඇයට ඉදිරියේදී ලැබීමට තිබු නියෝජ්‍ය ඇමැතිකමද ලබානොදීමට තීරණය කර ඇති හෙයිනි.





Source : gossip9.com
Read more: http://www.gossip9.com/2011/12/blog-post_2620.html#ixzz1fyH5EYr3

Share this article with your friends