Sunday, December 11, 2011

නිරෝශා පෙරේරා විවාහ වෙන්න අදහසක් නැතිලු

තමාට විවාහය පිළිබඳබලාපොරොත්තුවක් නොමැති බව ජනපි‍්‍රයනිවේදිකාවක්නිළියක් හා මෝස්තරනිරූපිකාවක් වන නිරෝෂා පෙරේරා කියයි.ඇය මාධ්‍යට විවාහය පිළිබඳව පවසාතිබුණේ මෙවැනි අදහසකිවිවහාය ප‍්‍රමාදවන තරමට මගේ පවුලේ අයත් එක්කජීවත් වෙන්න මගේ නිදහස උපරිමයෙන්භුක්ති විඳින්න මට පුළුවනි. සතියන්තපුවත්පතක් හා පැවති සම්මුඛ සාකච්ඡා වකදී ද ඇය පවසා තිබුනේ මෙවැනිඅදහසකි.‘මගෙ ජීවන රටාවත් එක්කවිවාහය ගැන හිතන්න මට වෙලාවක් නෑ. මගෙ පවුලට මම ගොඩක් බැඳිල ඉන්න කෙනෙක්. මගේ පවුලෙන් මගෙ ජීවිතයට අවශ්‍ය ආදරය උපරිමයෙන් ලැබෙනවා



ඒ වගේම විවාහය කියන දේ සිදුවිය යුතුම දෙයක් කියල මම හිතන්නෙ නෑ,’ යැයි ඇය පවසාතිබුණි.’නමුත් හෙට දිනයේ මේ තීරණය වෙනස් වෙයිද දන්නෙ නෑහැබැයි මම විවාහවුණොත් අනෙක් හැම වැඩක්ම හරියට කරනව වගේම විවාහ ජීවිතයත් ඉතාම හොඳින්ගෙනියනව,’ යැයි ඇය වැඩිදුරටත් පවසා තිබුණි.

’එකමත් එක රටෙක’ චිත‍්‍රපටය හා සිරස රූපවාහිනියේ විකාශය වන ’ඉරෝෂයි නිරෝෂයි’වැඩසටහන ඔස්සේ පේ‍්‍රක්‍ෂකයන්ගේ හදවත්වලට සමීප වූ ඇයජනප‍්‍රිය ගායක ශිහාන්මිහිරංග සමග කල ’ආදරය කරන්න’ ගීතය මෙම මාසයේ නිකුත් වීමට නියමිතය.මෙමනිරෝෂාගේ කුලූඳුල් ගීතය ගායනා වන බව ද පැවසේ.

ලබන ජූලි මාසයට පෙර පබෝධාට, සහකරුවෙක් සොයයි

 ජනපි‍‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම්ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීට ඇගේ මවවන ගීතා කාන්ති ජයකොඩි සහකරුවෙක් සොයමින්සිටින බව වාර්තා වේ.ගීතාට සිය දියණිය ලබන ජූලිමාසයට පෙර විවාහ කර දෙන ලෙසජෝතිෂ්‍යවේදීන්
විසින් ලබාදී ඇති උපදෙසක් අනුව ඇය මීට මාසකිහිපයකට පෙර සති අන්ත පුවත්පතක මංගලයෝජනා තීරයේ දැන්වීමක් පල කර ඇතැයි ද පැවසේ.

වයස අවුරුදු 29ක් වන නිවාස වාහන දායාද හිමි රූමත් පවුලේ එකම දියණියට සහකරුවෙකුසොයන බවට මෙය පලවී තිබූ බව ද වාර්තා වේ.රොෂාන් පිලපිටියඅරවින්ද ලොකුගේ හාකි‍‍්‍රකට් කී‍‍්‍රඩක ගිහාන් රූපසිංහ සමග ද පබෝධාගේ සමීප සම්බන්ධකම් තිබූ බව පසුගියකාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.එසේම යොවුන් නළු විශ්වනාත් කොඩිකාර සමඟහාදකමක් ඇතැයි ද පසුගිය කාලයේ රාවයකි තිබිණි.ඉකුත් රයිගම් ටෙලීස් සම්මානඋළෙලේදී පබෝධා දක්ෂතම නිළිය ලෙස ද සම්මානයට පාත‍‍්‍ර වූවාය.

පබෝධාමේ වසරේදී සිය රංගන දිවියට වසර 25 ක් සම්පූර්ණ කළාය.ඇය මුලින්මරංගනයට අත්පොත් තැබුවේ ‘යශෝරාවය’ ටෙලිනාට්‍යයේ ළමා රංගන ශිල්පිනියක ලෙස වයස අවුරුදු හතරේදී ය.පබෝධා වයස අවුරුදු හයේදී හඬ කැවීම් ශිල්පිනියක් ලෙස ‘ඔෂීන්’නාට්‍යයේ ඔෂීන්ගේ චරිතයට හඬ කැවමින් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට වූවාය.

කෙසේවුවද ඇය වසර අටක පමණ දීර්ඝ කාලයක් සිනමා රංගනයට විරාමයක් තබා මෑතකාලයේදී වැඩි කතාබහට ලක්වූ ‘සුපර් සික්ස්’ චිත‍‍්‍රපටයේ චරිතයක් සඳහා රංගනයෙන් දායකවූවාය.‘බහු භූතයෝ’ චිත‍‍්‍රපටය ඇය අවසන් වරට රඟපෑ සිනමා පටය වූ අතර, එම චිත‍‍්‍රපටයේඇයගේ රංගනය එක් දෙබස් කණ්ඩයකට පමණක් සීමාවීම ද විශේෂිතය.එහිදී පබෝධාභූතයෙකුගේ චරිතයකට පණ පෙවූ අතර, ඇය එහිදී උච්චාරණය කළ එකම දෙබස් කණ්ඩය‘තෙලට ද? මිරිසට ද?’ යන්න පමණි.

Share this article with your friends