Sunday, December 11, 2011

ශ්‍රී ලංකා පොලීසිය විසින් කෙරෙන කාරුණික නිවේදනයයි


හුදෙකලාව පිහිටි නිවෙස්වල තනිව ජීවත් වන වයෝවෘද්ධකාන්තාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා පියවර ගන්නැයි පොලිස්මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාජනතාවගෙන් ඉල්ලීමක් කරයි.හුදකලාව පිහිටි නිවෙස්වල තනිවජීවත් වන වයෝවෘධ කාන්තාවන් අපරාධකරුවන් විසින් ඝාතනයකල සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වූ අතර එවැනිකාන්තාවන් සිටින නිවෙස්වලට පැමිණ මුදල් සහ දේපළකොල්ලකා ඔවුන්ද ඝාතනය කල සිදුවීම් ද වාර්තා වූ බව පොලිස්මූලස්ථානය පවසයි.
විශේෂයෙන්ම තම වයෝවෘධ මව හුදකලාවනිවෙස්වල තබන දරුවන්, මෙම අපරාධ ප්‍රවනතාවය කෙරෙහිඅවධානය යොමු කලයුතු අතර අපරාධකරුවන් මුදල් හෝ දේපලසොරකම් කිරීමට මෙවැනි කාන්තාවන් සිටින නිවෙස් තොරාගනුලබන්නේ ඔවුනට කිසිම තර්ජනයක් ඇති නොවන නිසා බවට ‍අනාවරණය වී ඇත.

එම නිසා වයෝවෘධ මව හෝ මිත්තණිය හුදකලාවහුදකලා නිවසක ජීවත්වේනම් හැකි සෑමඅවස්ථාවකම ඔවුන්ට රැකවරණය ලබා දෙන ලෙසත්රාත්‍රී කාලයේ එවැනි නිවෙස්වලගේට්ටු, දොර, ජනෙල් විවෘත කර නොතබන ලෙසත්යමකු කථා කලොත් හඳුනානොගන්නේ නම් දොර ජනෙල් විවෘත නොකරන ලෙසත් උපදෙස් දෙන ලෙසත් පොලිස්මූලස්ථානය මහජනතාවට දැනුම් දෙයි.

Share this article with your friends