Thursday, December 8, 2011

අසැබි වෙබ් අඩවි වෙනුවෙන්ම නව ඩොමේනයක්



මෙතැන් පටන් XXX ඩොමේනයන් භාවිතයට මුදා හරින බවට අලුත්ම වාර්ථා පවසයි. අසැබි අඩවි 100,000 පමන මෙම නව ඩොමේනයත් සමග එක්වනු ඇති බවට බලාපොරොත්තු පලවී ඇත. ඩොලර් 80 සිට මෙම ඩොමේනයන් මිල කිරීමට නියමිත අතර එම වෙබ් අඩවි දෛනිකව මැකා‍ෆි ආරක්ශක මෘදුකාංගය අසුරෙන් හානිකර මෘදුකාංගවලින් තොර බවට සොයා බැලෙන බවටත් පැවසේ.





බාල පරපුර අනවශ්‍ය හා අයහපත් වෙබ් අඩවිවෙත පිවිසීම පහසුවෙන් සීමා කරගන්නට මෙම පියවර 
බෙහෙවින් වැදගත් වනු ඇති බවත් වැඩිහිටියන් හට පහසුවෙන් මෙම අසැබි වෙබ් අඩවි පෙරා වෙන්කර හරින්නට මේ සමග වඩාත් පහසු වෙනවා ඇති බවත් විචාරකයින් පවසයි.

ඩෝමේන ලංයාපදිංචිකරුවන් පවසන්නේ වෙබ් අඩවි සදහා ස්වංපාලන රෙගුලාසි කිහිපයක් හදුන්වාදී ඇති බවත්, මෙගා ටැග්ස්, ආදිය තුලින් මෙම අඩවි අනවශ්‍ය ලෙස හමුවීම පාලනය කිරීම වඩාත් පහසුවනු ඇති බවයි. මේ අතර ආගමික හා අසැබි වෙබ් අඩවි විරෝදීන්  මෙම ඩොමේන ක්‍රියාත්මක වීම පිලිබදව තම විරෝදය දිගටම පලකරමින් සිටින බවටද වාර්ථා පල වේ.

අරාෂ් ලංකාවට පැමිණෙයි

සන් එෆ්.එම් විසින් සංවිධානය කරනු දෙසැම්බර් 9 වනදා පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයට සහභාගී වීම සඳහා අරාෂ් අපසුගියදා ලංකාවට පැමිණියා.එහිදී ලබාගත් ජායාරුප  කිහිපයක් පහතින් බලන්න 








Source: gossip9.com

Read more: http://www.gossip9.com/2011/12/blog-post_08.html#ixzz1fwLUQKOg

උසස් පෙළ ප්‍රතිපල තවත් ප්‍රමාදයි.




පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වූ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිපල තවත් සතියකින් පමණ ප්‍රමාද වන බව වාර්තා වෙනවා.




උසස් පෙළ විභාගය පැරණි නිර්දේශය හා නව නිර්දේශය ලෙස වර්ග දෙකකින් පැවැත්වූ නිසා අයදුම්කරුවන්ගේ ඉසෙඩ් ස්කෝර් ලකුණු ගනනය කිරීම ගැටළු සහිත බැවින් ඒ සඳහා තවමත් අවසන් තීර
යකට පැමිණ නොමැති නිසයි මෙලෙස ප්‍රමාද වන්නේ.
කෙසේ වෙතත් ලබන සතියේ අග පමණ වන විට ප්‍රතිපල නිකුත් කිරීමට හැකි වෙතැයි වාර්තා වෙනවා.


Source : gossip9.com


Read more: http://www.gossip9.com/2011/12/blog-post_4934.html#ixzz1fwJnH3Fy

නිරෝෂා විරාජිනීගේ තෙවැනි විවාහයත් අසාර්ථකද?







‘සිත හඬයි’ ගීතයෙන් මීට වසර විස්සකට පමණ පෙර සංගීත දිවිය ඇරඹූ නිරෝෂා විරාජිනී ඉතා ඉක්මනින් ජනප්‍රිය වූයේ විරහ ගීයෙන් සිත් ඇදගන්නා මධුර ස්වරයක් ඈ සතුව වූ නිසයි. 

ඇය තෙවන වරට විවාහ වුනේ දෙරණ රූපවාහිනී නාලිකාවේ අලෙවි අංශයේ යසන්ත නිමලතේජ සමඟයි. ඒ 2009 ජූලි 29වනදා කොළඹ ගලදාරී හෝටලයේ දී. නමුත් එම විවාහයත් මේ වනවිට අසාර්ථක වී තිබෙනවා.



ඊට පෙර ඇය විවාහවී සිටියේ යුධ හමුදා කපිතාන්වරයෙකු වන නලින්ද සම්පත් සමඟයි. ඔවුන් දික්කසාද වූයේ 2005 වසරේදීයි.

පසුගිය ඉරිදා සිළුමිණ පුවත්පතට ඇය ප්‍රකාශ කර සිටියේ මෙලෙසින්

මම ආදරය කරද්දී සීමාවක් නැතුව ආදරේ කරන ගැහැනියක්. එවිට මම මගේ මුළු ජීවිතෙන්ම ආදරෙයි. ඒත් මගේ ජීවිතය, මාව සහ මගේ ඇතුළාන්තය හරිහැටි තේරුම් ගත් කිසි කෙනකු නැහැ. මං මොනතරම් ආදරේ කළත් මට අද මේ වනතුරු තවමත් ආත්මීය සහකරුවකු නැහැ. 



ජීවත් වෙන්න ආත්මීය සහකරුවකු අවශ්‍යම ද?
ඔව්, මට මගේ ජීවිතය බෙදාගන්න විශ්වාසනීය කෙනකු ඕනේ. ආදරය, විවාහය වැනි දේවල් මේ ලෝකයේ පවතින්නේ ඒ අවශ්‍යතාවය නිසා තමයි.

ආදරය, විවාහය වැනි ඒවා ඔබේ ජීවිතයේදි කෙටි දුර ධාවන තරග වගේ වේගයෙන් ඇරැඹි වේගයෙන්ම අවසන් වෙනවා. ඒ ඇයි?
ඊට ප්‍රධාන හේතුව මට ආත්මීය සහකරුවකු හමු නොවීමයි. ඉන්න පුළුවන් නම් ගහ බැණ ගෙන හරි අල්ලා ගෙන ඉන්න මම සූදානම්. හැබැයි පීඩනයකට මැදි වී අසහනයෙන් ඉන්නත් මම කැමැති නැහැ.

ඔබ පවසන්නේ කුමනාකාර පීඩනයක් පිළිබඳව ද?
ප්‍රධාන වශයෙන්ම සැකය නිසා ඇති වන පීඩනයට මම කැමැතිම නැහැ. විශේෂයෙන්ම මගේ වෘත්තීමය පැත්තෙන් වන බලපෑම් නිසා හෝ සමාජයෙන් ලැබෙන තොරතුරු නිසා මාව සැක කරනවා නම් එවැනි පීඩන තත්ත්වයන් විඳවන්න මට බැහැ. මේ සමාජයේ සැකයක් ඇති නොවී ජීවත් වෙන්න බැරි බව ඇත්ත. සැකයක් ඇති වුණෝතින් ‘මෙයා මගේ ආදරවන්තිය නේද’ කියා හිතලා කතාබහ කරලා ප්‍රශ්න විසඳගන්න ආදරවන්තයකුට පුළුවන් වෙන්න ඕනේ.

අර මං මුලින් කිව්ව ආත්මීය සහකරුවා ජීවිතයට අවශ්‍යම වෙන තැනක් මේ. ඒ වුණාට ඔය ටික තේරුම් ගත්ත කෙනකු මගේ ජීවිතේට තවම හමුවෙලා නැහැ.

ඈත් වූ ආදරයක් නැවත ඔබට ලැබෙනවා නම්...?
මම කැමැති නැහැ. මම මුළු ජීවිතෙන්ම ආදරය කරද්දී එය රැකගන්න උත්සාහ ගන්නේ නැතුව ඈත්වෙලා ආපසු ඇවිත් මට ආදරය දුන්නට මට ඕන නැහැ. මගේ ආදරේ බිඳුණොත් බිඳුණාමයි. සමාව දිදී ඉන්නේ නැහැ මම.

”මවක් වෙන්න” ඔබ ආසයි. ආසාව ඔබ ඉටුකර ගන්නේ කෙදිනකද?
කවදාද කියලා හරියට කියන්න බැහැ. හැබැයි කෙදිනක හෝ මම අම්මා කෙනෙක් වෙනවා. මට තවම අවස්ථාව තියෙනවා. විද්‍යාව අද හුඟාක් දියුණුයි. ඒ ආසාව මොන විදිහට හරි මම ඉටු කරගන්නවා.

ඔබට දිනාගන්න බැරි වූ දේවල් මේ ලෝකයේ තිබෙනවාද?
ඔව්. ආදරණීය බිරියක් සහ මවක් වීම තමයි මට මේ ලෝකයේ දිනාගන්න බැරි වූ දේවල්. ඒත් ඒවා දිනාගන්න මම උත්සාහ කරනවා හැමදාමත්.









Source : gossip9.com

Read more: http://www.gossip9.com/2011/12/blog-post_2509.html#ixzz1fwDBhaNH

Share this article with your friends