Thursday, December 8, 2011

අසැබි වෙබ් අඩවි වෙනුවෙන්ම නව ඩොමේනයක්



මෙතැන් පටන් XXX ඩොමේනයන් භාවිතයට මුදා හරින බවට අලුත්ම වාර්ථා පවසයි. අසැබි අඩවි 100,000 පමන මෙම නව ඩොමේනයත් සමග එක්වනු ඇති බවට බලාපොරොත්තු පලවී ඇත. ඩොලර් 80 සිට මෙම ඩොමේනයන් මිල කිරීමට නියමිත අතර එම වෙබ් අඩවි දෛනිකව මැකා‍ෆි ආරක්ශක මෘදුකාංගය අසුරෙන් හානිකර මෘදුකාංගවලින් තොර බවට සොයා බැලෙන බවටත් පැවසේ.





බාල පරපුර අනවශ්‍ය හා අයහපත් වෙබ් අඩවිවෙත පිවිසීම පහසුවෙන් සීමා කරගන්නට මෙම පියවර 
බෙහෙවින් වැදගත් වනු ඇති බවත් වැඩිහිටියන් හට පහසුවෙන් මෙම අසැබි වෙබ් අඩවි පෙරා වෙන්කර හරින්නට මේ සමග වඩාත් පහසු වෙනවා ඇති බවත් විචාරකයින් පවසයි.

ඩෝමේන ලංයාපදිංචිකරුවන් පවසන්නේ වෙබ් අඩවි සදහා ස්වංපාලන රෙගුලාසි කිහිපයක් හදුන්වාදී ඇති බවත්, මෙගා ටැග්ස්, ආදිය තුලින් මෙම අඩවි අනවශ්‍ය ලෙස හමුවීම පාලනය කිරීම වඩාත් පහසුවනු ඇති බවයි. මේ අතර ආගමික හා අසැබි වෙබ් අඩවි විරෝදීන්  මෙම ඩොමේන ක්‍රියාත්මක වීම පිලිබදව තම විරෝදය දිගටම පලකරමින් සිටින බවටද වාර්ථා පල වේ.

Share this article with your friends