Wednesday, December 7, 2011

ෆොන්සේකාට විතරක් පහසුකම් බෑ - මර්වින්


අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් මහජන කටයුතු සම්බන්ධතා අමාත්‍යවරයා වන මර්වින් සිල්වා අපුරු කතාවක් කළේය.

පහත දැක්වෙන්නේ එම කතාවයි.

"රට පාවා දුන්න ජාතිය පාවා දුන්න හමුදාව පාවා දුන්න අධිකරණයෙන් දඬුවම් දුන්න සරත් ෆොන්සේකා නිදහස් කරගන්න කියල යන්න හදනවා ධවල මන්දිරයට ඇමරිකාවට. ඉතින් ඔබාමට පුලුවන්ද ලංකාවේ හිරකාරයෝ නිදහස් කරන්න. 


එංගලන්තයේ ජර්මනියේ ප්‍රංශයේ පර සුද්දන්ට පුලුවන්ද ලංකාවේ හිරකාරයෝ නිදහස් කරන්න. මේක තේරෙන් නෑ ..ෆොන්සේකා නෝනට ඕනනම් තමන්ගේ දුලා බලන්න ඇමරිකාවට යන්න පුළුවන්.ෆොන්සේකා නිදහස් කරගන්න ඕන නම් නිදහස ලබා දෙන්නේ අතිගරු ජනාධිපති තුමා.. ඔබාමා නෙවෙයි ඇමරිකාව නෙවෙයි... ඇයි මේ යන්නේ... තවත් මේ රට අගාධයට පත් කරන්න.තවත් මේ රට අවඥාවට ලක් කරන්න.. තවත් මේ රට අපහාසයට පත් කරන්න.

මම අහනවා.. මේක අහන්නේ ආණ්ඩුවෙන්.. විත්තිකාරයෙක් වැරදිකාරයෙක් හිර ගෙදරින් එලියට ඇවිල්ල ඉස්පිරිතාලෙට යනකොට මාධ්‍යයකට කතා කිරීමේ අයිතිය අනිත් සිරකරුවොන්ටත් තියෙනවද? මේකට ආණ්ඩුව උත්තර දෙන්න ඕන...ෆොන්සේකාට තියෙන අයිතිය හෙට ඉඳල අනිත් හිරකාරයන්ට දෙන්න ඕන. මාධ්‍යට කතා කරන්න.. එහෙම නැත්නම් මේක නවත්වන්න කොන්ද පණ තියෙන්න ඕන. මට දුන්නොත් මම මේක නවත්තනවා. මට කොන්ද පණ තියෙනවා..

ෆොන්සේකාට පුලුවන්නම් මාධ්‍යට කතා කරන්න අනිකත් හිරකාරයෝන්ට පුළුවන් වෙන්න ඕන.. ෆොන්සේකාට තියෙනවනම් විදුලි පංකාවක් නැත්නම් ෆෑන් එකක්, සැප පහසුකම් තියෙනවනම් අනිත් හිරකාරයන්ටත් හැමෝටම දෙන්න ඕන, ෆෑන් එකක් ඒවගේම දෙන්න ඕන බෙඩ් ෂිට්, කොට්ට එයාට විතරක් සුපිරි වෙන්න බැහැ. 

ලංකාවේ සෑම වරදකරුවෙක් වරදකරුවෙක්. පිලේ හිටියෙත් වෙලේ හිටියත් අගුවේ හිටියත් මහා මන්දිරේ හිටියත් හිරගේවල්ක් වල ෆයිව් ස්ටාර් නැහැ .මම කරුණාකරලා ආණ්ඩුවට කියනවා මේ ක්‍රමය වෙනස් කරන්න බැරිනම් එකත් බාර දෙන්න මට. එකත් මන් ඕනනම් වෙනස් කරලා දෙන්නම්. 

ෆයිව් ස්ටාර් හිර කාරයෝ නෑ ,මාධ්‍යයට කතා කරන හිරකාරයො නෑ. ඒවා හරි ගැහෙන්න ඕන මහජන සම්බන්ධතා කටයුතු ඇමතිවරයා හැටියට සමාජයේ මෙහෙම විෂමතා තියෙන්න බැහැ අපි මේවා වෙනස් කරන්න ඕන".

එහි වීඩියෝව 

http://www.youtube.com/watch?feature=player_embedded&v=uhiS0ebHDak
මෙහිදී අප මර්වින් සිල්වා අමාත්‍යවරයාට මතක කර දිය යුත්තේ යුධ හමුදාවේ සේවයේ නිරතව සිටියදී 2006 අප්‍රේල් මස 25 වන දින සරත් ෆොන්සේකා මහතා මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ප්‍රහාරයකට ලක්වීමෙන් පසු එතුමාගේ කුඩා බඩවැලේ අඩි 8 ක්‌ පමණ කොටසක්‌ ඉවත් කොට ඇති බවත් මහ බඩවැල බරපතල ලෙස තුවාල වී ඇති බවත් අක්‌මාවේ භාගයක්‌ කපා ඉවත් කොට ඇති බවත් ඊට අමතරව ශරීරයේ අභ්‍යන්තරයේ යකඩ බෝල හා විශාල උණ්‌ඩ ප්‍රමාණයක්‌ ඇති බවත්ය.

එම තත්වය යටතේ සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය පහසුකම් ලබාදුන්නේ විශේෂ වරප්‍රසාදයකින් නොව අධිකරණය මගින් කල නියෝග වලට අනුවය.


Source : gossip9.com

Read more: http://www.gossip9.com/2011/12/blog-post_9783.html#ixzz1fsGoMUI9

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද සිට වේග සිමා කඩකිරීම තහනම්





මෑතකදී විවෘත වූ ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල ටික කලකින්ම අනතුරු විශාල සංඛ්‍යාවක් වාර්තා විය.

එයට හේතුව වුයේ පැනවූ වේග සීමාව වන පැයට කිලෝමීටර් 100 ක වේගය ඉක්මවා යාමයි.
අධිවේගියේ මෙතෙක් කල් වාහන ගමන් ගත් ආකාරය දෙආකාරයට බෙදා වෙන්කළ හැක.


එක් වාහන කණ්ඩායමක් 100 හා 100 ට අඩු වේග සීමාවකින් ධාවනය කරද්දී තවත් කණ්ඩායමක් පැයට කිලෝමීටර් 160-180 දක්වා වේගයකින් ගමන් කළේය.

මෙය වැලැක්වීම සඳහා මහාමාර්ග අමාත්‍යංශය විසින් අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශය වෙත විශේෂ වේග සිමා උපකරණයක් බාර දී ඇත.

මෙම උපකරණයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් වන අතර මේ වේග සිමා උපකරණය මගින් වාහනය ගමන් ගන්නා වේගය මීටර් 150 කට පෙර ප්‍රකාශ කල හැකි අතර වාහනය ධාවනය කරන රියදුරාගේ මුහුණ හා වාහනයේ අංක තහඩුව ජායාරුප ගතවේ.


Source : gossip9.com

Read more: http://www.gossip9.com/2011/12/blog-post_07.html#ixzz1fsDQO15q

Share this article with your friends