ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම්ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීට ඇගේ මවවන ගීතා කාන්ති ජයකොඩි සහකරුවෙක් සොයමින්සිටින බව වාර්තා වේ.ගීතාට සිය දියණිය ලබන ජූලිමාසයට පෙර විවාහ කර දෙන ලෙසජෝතිෂ්යවේදීන්
විසින් ලබාදී ඇති උපදෙසක් අනුව ඇය මීට මාසකිහිපයකට පෙර සති අන්ත පුවත්පතක මංගලයෝජනා තීරයේ දැන්වීමක් පල කර ඇතැයි ද පැවසේ.
වයස අවුරුදු 29ක් වන නිවාස වාහන දායාද හිමි රූමත් පවුලේ එකම දියණියට සහකරුවෙකුසොයන බවට මෙය පලවී තිබූ බව ද වාර්තා වේ.රොෂාන් පිලපිටිය, අරවින්ද ලොකුගේ හාකි්රකට් කී‍්‍රඩක ගිහාන් රූපසිංහ සමග ද පබෝධාගේ සමීප සම්බන්ධකම් තිබූ බව පසුගියකාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.එසේම යොවුන් නළු විශ්වනාත් කොඩිකාර සමඟහාදකමක් ඇතැයි ද පසුගිය කාලයේ රාවයකි තිබිණි.ඉකුත් රයිගම් ටෙලීස් සම්මානඋළෙලේදී පබෝධා දක්ෂතම නිළිය ලෙස ද සම්මානයට පාත්‍ර වූවාය.
පබෝධා, මේ වසරේදී සිය රංගන දිවියට වසර 25 ක් සම්පූර්ණ කළාය.ඇය මුලින්මරංගනයට අත්පොත් තැබුවේ ‘යශෝරාවය’ ටෙලිනාට්‍යයේ ළමා රංගන ශිල්පිනියක ලෙස වයස අවුරුදු හතරේදී ය.පබෝධා වයස අවුරුදු හයේදී හඬ කැවීම් ශිල්පිනියක් ලෙස ‘ඔෂීන්’නාට්‍යයේ ඔෂීන්ගේ චරිතයට හඬ කැවමින් පේ්රක්ෂකයන් අතර ජනාදරයට වූවාය.
කෙසේවුවද ඇය වසර අටක පමණ දීර්ඝ කාලයක් සිනමා රංගනයට විරාමයක් තබා මෑතකාලයේදී වැඩි කතාබහට ලක්වූ ‘සුපර් සික්ස්’ චිත්‍රපටයේ චරිතයක් සඳහා රංගනයෙන් දායකවූවාය.‘බහු භූතයෝ’ චිත්‍රපටය ඇය අවසන් වරට රඟපෑ සිනමා පටය වූ අතර, එම චිත්රපටයේඇයගේ රංගනය එක් දෙබස් කණ්ඩයකට පමණක් සීමාවීම ද විශේෂිතය.එහිදී පබෝධාභූතයෙකුගේ චරිතයකට පණ පෙවූ අතර, ඇය එහිදී උච්චාරණය කළ එකම දෙබස් කණ්ඩය‘තෙලට ද? මිරිසට ද?’ යන්න පමණි.