Friday, December 9, 2011

මහින්ද අබේසුන්දරගේ අලුත්ම ක්‍රිකට් විග්‍රහය

ජේෂ්ඨ ක්‍රීඩකයන් ලකුණු 50 සීමාව පසුකර හිතා මතාම දැවී යනවා 

දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා මේ දිනවල සිය මාධ්‍ය ජිවිතයේ පනස්වන කඩඉම සම්පුර්ණකොට ඇත.

මහින්ද අබේසුන්දර වඩාත් ජනප්‍රිය වුයේ ස්වාධින රුපවාහිනියේ ප්‍රධාන පුවත් විකාශයෙන් පසුව විකාශය වූ විමසුම වැඩසටහන මගිනි. 

ඒ මයිකල් ජැක්සන් හා ජෝතිපාල සංසන්දනය කිරීමත් පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී අපේ ක්‍රීඩකයන් තරඟ පාවා දුන් බව කියූ නිසාත් වේ.

ටික කලක් ක්‍රිකට් පිලිබඳ කිසිදු විචාරයක් නොකරන මෑතකදී පකිස්තානු පිල හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරාජය වීම ගැන අලුත් අදහසක් ඉදිරිපත්කොට තිබේ.





එහිදී වැඩසටහන ආරම්භයේදීම ප්‍රකාශ වන්නේ පසුගිය වර ක්‍රිකට් සම්බන්ධව කතා කිරීමට ගොස් එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් දිගින් දිගටම තමාට බාල්දි පෙරළු බවයි.(නමුත් ඒ මාධ්‍යය ආයතනයටම ගොස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ඉල්ලු බව මහින්ද අබේසුන්දරට අමතක වී තිබිණි.) 

ඉන්පසුව ඔහු අභීතව ප්‍රකාශ කරන්නේ "අපි කියූ දෙයක් මෙතෙක් වැරදි නොමැත" යනුවෙනි.
එහිදී ජේෂ්ඨ ක්‍රීඩකයන් පිලිබඳ මහින්ද අබේසුන්දර දරන මතය ඔහු විමසුමේ දැක්වුවේ පහත පරිදිය 


"ඊළඟ සිරිස් එකේ ටීම් එකේ ප්ලේස් එකක් බුක් කරගන්න 50 ක් 60 ක් ගසා හිතා මතාම අවුට් වීම අන්තිම සවුත්තුය.තේරීම් කමිටුව කල යුත්තේ කණ්ඩායමට අලුතින් පොඩිවුන් ඇතුලත් කිරීමය"


මහින්ද අබේසුන්දරගේ සම්පුර විමසුම වැඩසටහන පහතින් බලන්න >


http://www.youtube.com/watch?feature=player_embedded&v=wu5hJ58CEqA



ඒ සඳහා සිරස නිව්ස් ෆස්ට් තිත්ත ඇත්ත ලබා දුන් පිළිතුර >


http://www.youtube.com/watch?feature=player_embedded&v=J4iEpYxJVq0




Source : gossip9.com
Read more: http://www.gossip9.com/2011/12/blog-post_5915.html#ixzz1g3f6jXYv

Share this article with your friends