Friday, December 9, 2011

රජරට සරසවි සිසුන් 6 දෙනෙකුට පන්ති තහනමක්




රජරට සරසවි සිසුන් 6 දෙනෙකුට පන්ති තහනමක්


රජරට විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුන් 06 දෙනෙකුට සති 05 ක පන්ති තහනමක් පැනවූ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන මහතා පවසයි. 


රජරට විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු උප සභාපතිට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධව හා තවත් විනයවිරෝධී සිද්ධීන් කිහිපයක් සම්බන්ධව මෙම සිසුන් මෙසේ පන්ති තහනමට ලක්කළ බව උපකුලපතිවරයා සඳහන් කරයි. 

පසුගිය 03 වන දින පිහි ඇනුමකට ලක්ව තුවාල ලැබූ ශිෂ්‍ය සංගමයේ හිටපු උප සභාපති ලෙස කටයුතු කළ අදාළ ශිෂ්‍යයා රෝහල්ගත කර තිබිණි. 

ඒ අනුව අදාළ සිසුන් 06 දෙනාට ඊයේ(07) සිට ක්‍රියාත්මක වනපරිදි පන්ති තහනම පැනවූ බව මහාචාර්ය නන්දසේන මහතා ප්‍රකාශ කළේය. 




Source : adaderana.lk

Share this article with your friends