Saturday, December 3, 2011

ඒඩ්ස්‌ මර්දන වැඩසටහන් සමලිංගික සංවිධානයකට

පසුගිය දෙසැම්බර් 1 වෙනිදාට ලෝක ඒඩ්ස් දිනය යෙදී තිබුනා. ඒඩ්ස්‌ මර්දනය කිරීමේ පිළිවෙළ දැනුවත් කිරීමේ වැඩසටහන් 2015 වසරේ සිට ක්‍රියාත්මක කිරීම "ගමන් මගේ සහකරුවෝ" නැමැති සමලිංගික සංවිධානයක්‌ වෙත භාරදීම සඳහා ඒඩ්ස්‌ සහ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය මේ දිනවල රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ අනුව ඒඩ්ස්‌ පිළිබඳ සම්පූර්ණ ප්‍රචාරන කටයුතු මෙම සංවිධානයට පැවැරෙන අතර එය අනියම් ආකාරයෙන් මෙරට තුළ සමලිංගික සබඳතා නිත්‍යනුකූල කිරීමකට එය දිරි දීමක්ද වනවා.



මෙයට පෙර කිහිප වතාවක්ම අප හෙළි කල පරිදි ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කරීම උදෙසා පෙනී සිටින්නේ "ගමන් මගේ සහකරුවෝ" නමැති රාජ්‍යය නොවන සංවිධානයයි. ලංකාවේ දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි සමලිංගික මධ්‍යස්ථාන 24 ක් ඇරඹීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් මීට පෙර අප හෙළි කළා.


සමලිංගික කණ්‌ඩායමක්‌ යොදා ගනිමින් මෙම ඒකකය පසුගිය දිනවල උපත්පාලන කොපු සහ තවත් ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කර තිබූනා

ඒඩ්ස්‌ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා 2010 වසරේ සිට 2015 දක්‌වා රුපියල් කෝටි 2000 කට අධික මුදලක්‌ වෙන්කර ඇතැයිද, තවත් රාජ්‍ය නොවන සංවිධානයක්‌ මේ සඳහා රුපියල් කෝටි 250 ක්‌ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයට ලබා දී ඇතැයිද පැවැසෙනවා.

ලෝක ඒඩ්ස් තත්ත්වය ගත් විට මේ වන විට මිලියන 33.4 ක් HIV/AIDS ආසාදිතව ජීවත්වන අතර මිලියන 2.7ක් ලෝව පුරා අලුතින් ආසාදිත තත්ත්වයට පත්වනවා. එමෙන් ම සෑම වසරකදීම ලොව පුරා මිලියන දෙකක ජනතාව ඒඩ්ස්වලින් මියයන අතර මින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ උප සහරා අප්‍රිකා කලාපයට අයත් රටවල්වලින්.

ශ්‍රී ලංකාවේ පළමු HIV/AIDS රෝගියා වාර්තා වූයේ 1987 දී. එතැන් පටන් පසුගිය වසර දක්වා 1285 දෙනෙක් HIV ආසාදිත තත්ත්වයට පත් වී තිබෙන අතර AIDS තත්ත්වයට පත් වූ රෝගීන් ප්‍රමාණය 332 ක්. HIV ආසාදිත වූවන්ගෙන් 46ක් මව්වරුන් මඟින් වෛරසය ආසාදිත වූ දරුවන් වන අතර ඉන් 518ක් කාන්තාවන් වෙනවා.


Read more: http://www.gossip9.com/2011/12/blog-post_03.html#ixzz1fURkM4ok

Share this article with your friends