Saturday, December 10, 2011

විවාහ වුණහම රංගනයෙන් ඈත් වෙනවා - පියුමි

තමා විවාහ වූ පසුව රංගනයෙන් සමුගන්නා බව නිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප‍්‍රියත්වයට පත් පියුමි පුරසිංහ පවසයි. මීදුම අතිරේකය හා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ පවසා ඇත. මම හිතන්නේ විවාහයෙන් පස්සේ කාන්තාවකට රංගනය සුදුසු නැහැ කියලයි. ඊට වැඩිය කරන්න වැඩ ගොඩක් තියෙනවා. ගෙදරදොර වැඩවලට මුල් තැන දිය යුතුයි. අනික මං කැමති නෑ විවාහයෙන් පස්සේ කාර්යබහුල වෙන්න, යැයි ඇය පවසා ඇත.
තම සිරුරේ මහත අඩුකරගැනීමට මේ දිනවල යෝග අභ්‍යාස, ව්‍යායාමවල යෙදෙන අතර ආහාර පාලනය කරන බව ද ඇය සඳහන් කර ඇත.

Share this article with your friends