Thursday, January 19, 2012

Wikipedia blacked out - විකිපීඩියා බ්ලැකවුට් වෙයි





ඇමරිකානු රජය විසින් Stop Online Piracy Act (SOPA) සහ PROTECT IP Act (PIPA) යනුවෙන් නීති කෙටුම්පත් දෙකක් හඳුන්වාදීමට සූදානම් වෙනවා. 

ප්‍රකාශන හිමිකම් සම්බන්ඳව අන්තයට ගිය ඇමරිකානු කෙටුම්පත් වන මේවා සම්මත වූවොත් ඉදිරියේදී නොමිලේ සේවා සපයන ආයතන හා වෙබ් අඩවි වලට එමඟින් බාධා ඇතිවන අතර නොමිලේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම, නොමිලේ සින්දු ඇසීම ආදී නොමිලේ අන්තර්ජාල සේවාවන් සපයන ආයතන වලට හානියක් වන බවයි වාර්තා වෙන්නේ.

එක්සත් ජනපද කොංග්‍රසයේ විවාදයට ලක්වී තිබෙන මෙම Sopa සහ Pipa ලෙස හැඳින්වෙන අන්තර්ජාලය සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත් දෙක මගින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණෙන බව බොහෝ දෙනෙක් පවසනවා. ‍

මේ සම්බන්ධයෙන් බීබීසී පුවත්සේවයට කරුණු දැක්වූ විකිපීඩියා විශ්වකෝෂයේ ආරම්භකයා ‍වන ජිමී වේල්ස් පෙන්වා දෙන්නේ මෙම පනත්වල මූලික අරමුණ ලෙස සැළකෙන සයිබර් වංචාවන් වැළැක්වීම සඳහා මේවාට කිසිවක් කළ නොහැකි බවයි.

මෙයට විරෝධ පෑමක් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය ඊයේ උදෑසන 10.30 සිට ක්‍රියාත්මක වෙන්නේ නෑ. පැය 24ක් පුරා මෙම විරෝධය ඔවුන් පවත්වන අතර ඉදිරියේදී Google, Facebook ආදියද එක්වීමට නියමිතව ඇතයි වාර්තා වෙනවා.

Share this article with your friends