ඇමරිකානු රජය විසින් Stop Online Piracy Act (SOPA) සහ PROTECT IP Act (PIPA) යනුවෙන් නීති කෙටුම්පත් දෙකක් හඳුන්වාදීමට සූදානම් වෙනවා.
ප්‍රකාශන හිමිකම් සම්බන්ඳව අන්තයට ගිය ඇමරිකානු කෙටුම්පත් වන මේවා සම්මත වූවොත් ඉදිරියේදී නොමිලේ සේවා සපයන ආයතන හා වෙබ් අඩවි වලට එමඟින් බාධා ඇතිවන අතර නොමිලේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම, නොමිලේ සින්දු ඇසීම ආදී නොමිලේ අන්තර්ජාල සේවාවන් සපයන ආයතන වලට හානියක් වන බවයි වාර්තා වෙන්නේ.