Sunday, December 11, 2011

ලබන ජූලි මාසයට පෙර පබෝධාට, සහකරුවෙක් සොයයි

 ජනපි‍‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම්ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීට ඇගේ මවවන ගීතා කාන්ති ජයකොඩි සහකරුවෙක් සොයමින්සිටින බව වාර්තා වේ.ගීතාට සිය දියණිය ලබන ජූලිමාසයට පෙර විවාහ කර දෙන ලෙසජෝතිෂ්‍යවේදීන්
විසින් ලබාදී ඇති උපදෙසක් අනුව ඇය මීට මාසකිහිපයකට පෙර සති අන්ත පුවත්පතක මංගලයෝජනා තීරයේ දැන්වීමක් පල කර ඇතැයි ද පැවසේ.

වයස අවුරුදු 29ක් වන නිවාස වාහන දායාද හිමි රූමත් පවුලේ එකම දියණියට සහකරුවෙකුසොයන බවට මෙය පලවී තිබූ බව ද වාර්තා වේ.රොෂාන් පිලපිටියඅරවින්ද ලොකුගේ හාකි‍‍්‍රකට් කී‍‍්‍රඩක ගිහාන් රූපසිංහ සමග ද පබෝධාගේ සමීප සම්බන්ධකම් තිබූ බව පසුගියකාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.එසේම යොවුන් නළු විශ්වනාත් කොඩිකාර සමඟහාදකමක් ඇතැයි ද පසුගිය කාලයේ රාවයකි තිබිණි.ඉකුත් රයිගම් ටෙලීස් සම්මානඋළෙලේදී පබෝධා දක්ෂතම නිළිය ලෙස ද සම්මානයට පාත‍‍්‍ර වූවාය.

පබෝධාමේ වසරේදී සිය රංගන දිවියට වසර 25 ක් සම්පූර්ණ කළාය.ඇය මුලින්මරංගනයට අත්පොත් තැබුවේ ‘යශෝරාවය’ ටෙලිනාට්‍යයේ ළමා රංගන ශිල්පිනියක ලෙස වයස අවුරුදු හතරේදී ය.පබෝධා වයස අවුරුදු හයේදී හඬ කැවීම් ශිල්පිනියක් ලෙස ‘ඔෂීන්’නාට්‍යයේ ඔෂීන්ගේ චරිතයට හඬ කැවමින් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට වූවාය.

කෙසේවුවද ඇය වසර අටක පමණ දීර්ඝ කාලයක් සිනමා රංගනයට විරාමයක් තබා මෑතකාලයේදී වැඩි කතාබහට ලක්වූ ‘සුපර් සික්ස්’ චිත‍‍්‍රපටයේ චරිතයක් සඳහා රංගනයෙන් දායකවූවාය.‘බහු භූතයෝ’ චිත‍‍්‍රපටය ඇය අවසන් වරට රඟපෑ සිනමා පටය වූ අතර, එම චිත‍‍්‍රපටයේඇයගේ රංගනය එක් දෙබස් කණ්ඩයකට පමණක් සීමාවීම ද විශේෂිතය.එහිදී පබෝධාභූතයෙකුගේ චරිතයකට පණ පෙවූ අතර, ඇය එහිදී උච්චාරණය කළ එකම දෙබස් කණ්ඩය‘තෙලට ද? මිරිසට ද?’ යන්න පමණි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් කෙරෙන කාරුණික නිවේදනයයි


හුදෙකලාව පිහිටි නිවෙස්වල තනිව ජීවත් වන වයෝවෘද්ධකාන්තාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා පියවර ගන්නැයි පොලිස්මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාජනතාවගෙන් ඉල්ලීමක් කරයි.හුදකලාව පිහිටි නිවෙස්වල තනිවජීවත් වන වයෝවෘධ කාන්තාවන් අපරාධකරුවන් විසින් ඝාතනයකල සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වූ අතර එවැනිකාන්තාවන් සිටින නිවෙස්වලට පැමිණ මුදල් සහ දේපළකොල්ලකා ඔවුන්ද ඝාතනය කල සිදුවීම් ද වාර්තා වූ බව පොලිස්මූලස්ථානය පවසයි.
විශේෂයෙන්ම තම වයෝවෘධ මව හුදකලාවනිවෙස්වල තබන දරුවන්, මෙම අපරාධ ප්‍රවනතාවය කෙරෙහිඅවධානය යොමු කලයුතු අතර අපරාධකරුවන් මුදල් හෝ දේපලසොරකම් කිරීමට මෙවැනි කාන්තාවන් සිටින නිවෙස් තොරාගනුලබන්නේ ඔවුනට කිසිම තර්ජනයක් ඇති නොවන නිසා බවට ‍අනාවරණය වී ඇත.

එම නිසා වයෝවෘධ මව හෝ මිත්තණිය හුදකලාවහුදකලා නිවසක ජීවත්වේනම් හැකි සෑමඅවස්ථාවකම ඔවුන්ට රැකවරණය ලබා දෙන ලෙසත්රාත්‍රී කාලයේ එවැනි නිවෙස්වලගේට්ටු, දොර, ජනෙල් විවෘත කර නොතබන ලෙසත්යමකු කථා කලොත් හඳුනානොගන්නේ නම් දොර ජනෙල් විවෘත නොකරන ලෙසත් උපදෙස් දෙන ලෙසත් පොලිස්මූලස්ථානය මහජනතාවට දැනුම් දෙයි.

උදයන්ති - ධනංජය අනග රැගුම් හසුවී රූගත කිරීම් ඇන හිටලා

මොහාන් නියාස් මහතා විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබූ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මිලා’ මෙගා ටෙලි නාට්‍යහි අත්තනගල්ල ප‍්‍රදේශයේ වලව්වක පසුගියදා සිදුකළ රූගත කිරීම් හදිසියේ නවතා දැමීමට සිදුවී ඇතැයි වාර්තා වේ. මෙම ටෙලියේ රූගත කිරීම් හදිසියේ නැවැත්වීමට සිදුව ඇත්තේ එහි ප‍්‍රධාන චරිත සඳහා පණ පොවන උදයන්ති කුලතුංග හා ධනංජය සිරිවර්ධන නිසා බව පැවසේ. 

මොවුන් දෙදෙනාගේ අනග රැගුමක් අදාළ රූගත කිරීම් සිදු කළ වලව්වේ හිමිකරුට හසුවීම හේතුවෙන් ඔහු මෙම ටෙලිය එම වලව්වේ රූගත කිරීමට විරුද්ධ වී ඇතැයි වාර්තා වේ.
පසුව එහි නිෂ්පාදක කණ්ඩායම හා නළු නිළියෝ සියළුම බඩු බාහිරාදිය රැගෙන නැවත ගෙවල්බලා පිටත්වූ බවද පැවසේ.ප‍්‍රවීණ රංගන ශිල්පී සරත් දික්කුඹුරගේ කතා සංකල්පයක් ඇසුරින් මාධ්‍යවේදී දයා රාජපක්‍ෂ විසින් මිලා හි තිර පිටපත සකස් කර තිබේ.ජගත් විෙඡ්නායකගේ නිෂ්පාදනයක් වන මිලා කොටස් සියයකින් සමන්විත ටෙලි නාට්‍යකි.කුඩා කාලයේදී දෙමාපිය රැකවරණය අහිමි වීම මත කන්‍යාරාමයක (කොන්වන්ට්) නේවාසිකව හැදෙන ගැහැනු දරුවෙක් මූලික කරගනිමින් මිලා කතාව ගෙතී තිබේ.

ඇය වයස අවුරුදු දහ අටේදී කන්‍යාරාමයෙන් නික්ම තම දෙමාපියන් කවුරුන් දැයි සොයාගෙන යන ගමනේදී සමාජය සමග ගැටෙන ආකාරය, විඳින දුක් ගැහැට හැල හැප්පීම්, මිලා හි ප‍්‍රධාන චරිතය නිරූපණය කරන උදයන්ති කුලතුංග ඔස්සේ නිරූපණය වේ.කතාවේ මැද භාගයේදී තම පියා මිය ගොස් ඇත්තේ මිනී මැරුමකින් බවත් ඇය සොයාගනී.

වසන්ති චතුරානි, කිංස්ලි ලෝස්, ජී. ආර්. පෙරේරා, උදයන්ති කුලතුංග, ධනංජය සිරිවධන, සරත් දික්කුඹුර, සේනක විෙඡ්සිංහ, අංජල් මල්ලවාරච්චි, බුද්ධික ලොකු කැටිය සහ නවක ශිල්පීන් වන දිනුෂා ජයරත්න, තිස්ස ගුණතිලක මෙහි චරිත නිරූපණය කරති.චමින්ද වික‍්‍රමසිංහ මෙහි විධායක නිෂ්පාදකයා ලෙස කටයුතු කරනු ලබයි.










Source : hotandfastnews.com

170 දෙනෙකුට එකවර චිත්‍රපටය රසවිදීමට හැකියාව ඇති ලංකාවේ පලමු ත්‍රිමාණ සිනමා ශාලාව

ලංකාවේ පලමු ත්‍රිමාණ සිනමා ශාලාව පසුගියදා විවෘත කළා. ඒ මැජස්ටික්සිටි වෙළඳ සංකීර්ණයේ අලුතින් ඉදිවූ පස්වන මහලෙහිය. MC 3D Superior ලෙස නම් කර ඇති මෙහි පළමු ත්‍රිමාන චිත්‍රපටය ලෙස Three Musketeers චිත්‍රපටය පසුගිය 2 වනදා සිට ජනතාවට නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා.

මෙම සිනමාහලේ 170 දෙනෙකුට එකවර චිත්‍රපටය රසවිදීමට හැකියාව තිබෙනවා. චිත්‍රපටය ඇරඹෙනතුරු රැදී සිටීමටය අගනා විශාල විසිත්ත කාමරයක්ද තිබෙන අතර ආබාධිතයන් සඳහා චිත්‍රපට ශාලාවෙහි තරප්පු පෙළ වෙනුවට රෝදපුටුවකින් ගමන්කිරීමේ හැකියාවද තිබෙනවා.

5 වන මහලේ ඇති MC 3D Superior සිනමාහලට අමතරව එම මහලේම තවත් සිනමා ශාල 2ක් අලුතින් ඉදිකර තිබෙනවා. ඒවා නම් කර ඇත්තේ MC Ultra හා MC Gold ලෙසයි.

MC 3D Superior සිනමාහලෙහි ටිකට්පතක් රුපියල් 600ක් වන අතර MC Gold හි ටිකට්පතක් රුපියල් 750ක් වෙනවා. එසේම MC Ultra සිනමා හලෙහි හා හතරවන මහලේ පෙර සිට පැවති MC Platinum සිනමාහලෙහි ටිකට්පත් රුපියල් 400 බැගින් වෙනවා.

MC 3D Superior සිනමාහලෙහි මේ වනවිට ප්‍රදර්ශනය වන Three Musketeers චිත්‍රපටයට සමගාමීව අනෙක් සිනමා ශාලාවන්හි Hugo and Tower Heist චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා.

මෙම සිනමාහල් සමූහයෙහි කලමනාකරු, නෙල්සන් රාජරත්නම් පුල්ලි මහතා පවසන පරිදි ඔවුන් මේවනවිට 445 දෙනෙකුට එකවර චිත්‍රපට නැරබිය හැකි MC Platinum ශාලාවද තිමාන සිනමා ශාලාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

අලුතින් ඉදිවූ එම සිනමා ශාලාවන්හි ජායාරූප කිහිපයක් පහතින්.













Read more: http://www.gossip9.com/2011/12/3d.html#ixzz1gB9CGt49

සෝම හිමිට හා හිටපු පොලිස්පතිට දුන් උපාධි වලංගු නැහැ

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි "මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට" උපාධියක් හෝ අධ්‍යන තානාන්තරයක් පිරිනැමීමට බලයක් නැති බව රජය විසින් අවධාරණය කොටසිටිනවා.

එම වීශ්වවිද්‍යාලයෙන් පිරිනමන විද්‍යා උපාධි ආචාර්ය උපාධි හා මහාචාර්ය උපාධි එරට රජය මගින් නොපිළිගන්නා බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරසිටිනවා.

හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය මහතා සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේද, සෝම හිමියන් අභිරහස් ලෙස අපවත් වුයේද මෙම විශ්ව විද්‍යාලය මගින් ලබා දුන් උපාධි වැඩසටහන හේතුවෙනි.







Read more: http://www.gossip9.com/2011/12/blog-post_10.html#ixzz1gB8fbItT

ලෝකෙට පරකාසය පෙන්වා ගෙදරට මරගාතයක් වූ හඩ්සන්


වර්තමාන ගුවන්විදුලියේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහ ගුවන් විදුලියෙන් සාරධර්ම හා සමාජ ආචාරධර්ම ගැන දේශනා කලත් ඔහුගේ සැබෑ චරිතය එසේ නොවන බව අප වෙත වාර්තා වනවා.


හඩ්සන් සමරසිංහ ගේ පළමු විවාහයෙන් ඔහුට අවුරුදු 28 ක පමණ පුතෙක් සිටින අතර ඔහු පළමු විවාහයේ බිරිඳ හා ඔහුගේ පුතා හිතුමතේ අත හැර ඔහු වෙනත් විවාහයක් කරගෙන අත.


අද වනතෙක් ඔහු තම විසින් හිතුමතේ අතහරින ලද ඔහුගේ පළමු විවාහයේ බිරිඳ හා පුතා ගැන සොයා නොමැත.
අද වන විට ඉතා අසීරුවෙන් කල් ගෙවන එම මව සහ පුතා හඩ්සන්ට විරුද්ධව වචනයක් හෝ කතා නොකරන්නේ ඔහුට ඇති බිය නිසාය.


හඩ්සන්ගේ පළමු විවාහයේ පුතා මේ වන විට අනුන්ගේ ශරීර සම්භාහනය කරමින් තම මව සමග ජිවත් වෙයි.









Read more: http://www.gossip9.com/2011/02/blog-post_25.html#ixzz1gB86aTrA



Share this article with your friends